Pages

Recent Posts

wavelk.com

කෙල්ලෙක් දාගන්න හැටි පටන්ගැන්ම S01E01

Sunday, November 17, 2013

අන්තිමට කිව්වනේ ඔටුවොන්ට හොද පෝස්ට් ටිකක් දෙනවා කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉෂට කරන්න යන්නේ.
මුලින්ම කියන්න ඕනේ මේක තවත් එක් නවකථාවක් වත් දැකපු හීනයක් වත් නෙමේ. අනිවා 100% සාර්ථක මෙතඩ් එකක්. මේක මට හරි ගියා තවත් ගොඩක් අයට හරි ගිහිල්ලා තියෙනවා ඒක නිසා සැකයක් තියා ගන්න එපා අනිවා ඔයාටත් හරි යනවා.
මේ Season එක අවසානයේ අනිවා ඔයාටත් පට්ට කෑල්ලක් දාගන්න පුලුවන් වෙනවා ඒක නම් ස්ථීරයි. ඒකට ටිකක් ඉවසලා මේ පෝස්ට් ටික කියවන්න වෙනවා. 



හරි දැන් ඉස්සරලාම බලමු ඇයි අපිට කෙල්ලෙක් නැත්තේ  කියලා. 
අපි කැතද??? නෑ මේ ලොකේ කිසි කෙනෙක් කැත නෑ. ඔයාලා ඕනේ තරම් දැකලා ඇති ඇපල් කන පනුවෝ ගේමක් නැතුවම. කොහොමද උන් එහෙම කරන්නේ. අද මම කියන්න යන්නේ ඒ ගැන.

Physiology වලට අනුව මේ ලෝකේ චරිත දෙකක් ඉන්නවා පිරිමි චරිත (“male gender role” ) සහ ගැහැනු චරිත (“female gender role” ). පිරිමි චරිත රගපාන
ගැහැණු අයත් ඉන්නවා ඒවගේම ගැහැනු චරිත රගපාන පිරිමි අයත් ඉන්නවා. සාර්තක ගැහැනු පිරමි සම්බන්දයකට මේ චරිත දෙක එක්වීමක් සිද්ධ වෙන්න ඕනේ.

අපි හිතමු පිරිමි ලමයෙක් ඉන්නවා එයා ටිකක් ගැහැනු චරිතයට බරයි එහෙන්ම එයාට කවදා හරි සෙට් වෙන්නේ පිරිමි චරිතයට බර ගැහැනු ලමයෙක්. ඒක හරිම සරලයි. ඒත් අද අපේ සමාජය ගත්තම අපි හැමෝටම ඕනේ පිරිමි අය පිරිමි චරිතය රගපෑමටත් ගැහැනු අය ගැහැනු චරිතය රග පෑමටත් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ.


ඉතින් ගොඩක් පිරිමි අයගේ  තියෙන දුර්වලකමක් තමයි මේක ගොඩක් වෙලාවට ගැහැනු චරිතයට සමීප වීම.
තමන් ලොකු පොරක් කියලා හිතාගෙන හිටියට හිත ඇතුලෙන් ගොඩක් දුර්වලයි. ගොඩක්ම ගැහැනු ලමයි කැමති පිරිමි චරිතක් තියෙන කොල්ලන්ට ඒක තමයි හොද ඇපල් පනුවෝ කන්න හේතුව. 

ගැහැනු ලමයෙක් පිරිමි ලමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන පලවෙනි දේ මොකක්ද කියලා මම ඇහුවොත් ගොඩක් අය කියයි ආදරය කියලා. ඒත් එක වැරදි මතයක් ඇත්තටම ගැහැනු ලමයෙක් පිරිමි ලමයෙක්ගෙන් පලවෙනියට බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව. ඒක දෙන්න පුලුවන් පිරිමි ලමයින්ට ගැහැනු ලමයිනගෙන් විශේෂ කැමැත්තක් ආකර්ෂනයක් සොභාවයෙන්ම ඇති වෙනවා. 

අන්න ඒකයි කෙල්ලෙක් දාගන්න නම් පිරිමි චරිතයට ඔබ අද පටන් පන පෙවිය යුත්තේ.
අද ඉදන් පිරිමියෙක් විදිහට හිතන්න. ඇවිදින්න. කාථාකරන්න. ටිකින් ටික ඔබටම ප්‍රතිථල දැනේවි

මේක බොහොම සුලු පටන් ගැන්මක් විතරයි. තව ගොඩක් දුර අපිට යන්න තියෙනවා ඉතින් ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.
ඒ වගේම ප්‍රතිඵල ගැනත් කියන්න ලැජ්ජා වෙන්න එපා. 

                                              


ඕනෙම MP3 එකක් ටක් ගාලා Download කරන හැටි

Tuesday, November 12, 2013

හලෝ කස්ටිය කොහොමද ඉතින්. පට්ටම කාලෙකට පස්සේ ...
හරියටම අවුරුද්දකට විතර පස්සේ. Click Bank පෝස්ට් Update කරේ නැති හින්දා කට්ටිය බනිනවත් ඇති.
පහුගිය අවුරුද්දම ටිකක් විතර Busy උනා එකයි ලියන්න බැරි උනේ.

අද කියන්න යන්නේ ලංකාවේ එකෙක්ගේ වැඩක් ගැන. මේකනම් සමහරක් දන්නවත් ඇති. නොදන්න අයට තමයි අද මේක කියලා දෙන්නනේ.

අපිට ඹ්නෙම file එකක් Google එකේ ලේසියෙන් හොයන්න පුලුවන් file Extension එකත් එකක් Search කරලා. ඒත් ඕක කරන එක ටිකක් වාත වැඩක් නේ. මේකට යාලුවෙක් සයිට් එකක් ගහලා තියෙනවා ඉස්සරලා කියපු ටෙක්නොලජි එකට සමාන ටෙක් එකක් පාවිච්චි කරලා.

                                     


සයිට් එක තමයි www.wavelk.com


Srilankan 1st Mp3 Search Engine - mp3 downloads

වැඩේ පට්ටම ලේසියි. කියලා දෙන්න දේකුත් නේ උගෙන් වදේ හින්දයි මේ පෝස්ට් එකත් දැම්මේ :D
සයිට් එකට ගියපු ගමන් තියෙනවා Search Box එකක් 



කරන්න තියෙන්නේ තමන්ට ඕනේ කරන MP3 එක Type කරලා Search එක. 

ඊට පස්සේ පහල තියෙන Image එකේ  වගේ Search Result එකක් එයි. කරන්න තියෙන්නේ Download Click කරලා MP3 එක Download කරගන්න එක. නැත්තන් Right Click  කරලා "Save As"දෙන්න.




ඔන්න එහෙනම් අපි ගියා. තාම කෙල්ලෝ නැති කොල්ලන්ට ලගදිම අලුත් වැඩක්  සෙට් කරලා දෙන්න යන්නේ..... 

අපි ගියා ජය වේවා !!!







 
 

Most Reading

Sidebar One