Pages

Recent Posts

wavelk.com

Abans සහ Ceylinco Insurance මංකොල්ලයේ හෙලිදරව්ව ලීස් කරන්න කලින් කියවන්න

Friday, October 23, 2015

මට වුන මේ කතාව හා මෙහි එන නම් සියල්ල සත්‍ය නම් බව කරුණාවෙන් සලකන්න.
ඔබත් Vehicle එකක් Lease කරන්න හිතාගෙන ඉන්නවනම්, දැනටම Abans එකෙන් Lease කරලා තියෙනවානම්  අනිවාර්යෙන් කියවන්න



මීට මාස 8 කට කලින් මම Hero Hunk බයික් එකක් ගත්තා Kandy දිගන Branch එකෙන් Leasing කරේ Abans ඓකෙන්.
ඊට හරියටම මාස 6කට පස්සේ බයික් එක Accident උනා.  Insurance එක දාලා තිබ්බේ දිගන Ceylinco එකෙන්. ඒ Abans එක හරහා එයාලට Payment එක යන විදිහට.

මම Ceylinco එකට Call කරලා කිව්වා Bike එක Accident උනා Inspect කරන්න කෙනෙක් එවන්න කියලා.
ඊට පස්සේ Ceylinco එකෙන් කියපු දේයින් මම Dim උනා හොට් ලයින් එකෙන් කිව්වා මගේ බයික් එක‍ෙ
Policy එක Cancel වෙලා අපිට කරන්න දෙයක් නෑ පුලුවන්නම් Branch එකට ගිහින් කතා කරලා බලන්න කියලා. ඒ වෙලේ දෙලෝ රත් උනා දැන් මොන දෙයියන්ට කියන්නද සල්ලි දීලා බලාපොරොත්තු තියාගන
Insurance  එකක් දාලා insurance Card එකක් අරන් Bike පදිනවා හැබැයි හැප්පුනාම කියනවා Insurance එක cancel වෙලා කියලා.
දහ අතේ Call කරලා කරලා පැය 2ක හමාරක් මහපාරේ කට්ට කලා අන්තිමට Inspect කරන්න කෙනෙක් ගෙනනවා ගත්තා වැදලා වැදලා වගේ. පස්සේ දිගන Branch එකට ගිහින් Manager ට කතා කරපුවහම කියනවා අපිට Abans එකෙන් Insurance Payment එකක් කරලා නෑ කියලා.
මම ඇහුවා එහෙනම් කොහොමද මට Insurance Card එකක් හම්බ වෙන්නේ කියලා.
එතකොට Manager ට කට උත්තර නෑ.  මම මේක ලේසියෙන් අත ඇරියේ නෑ.
Abans එකේ Kandy Manager  ට Call කරලා ඇහුවා මගේ Insurance Payment එකට මෙකද උනේ කියලා ඒ පාර මනුස්සයා කියනවා මොකද ඔයාගේ කටේ සද්දේ වැඩිය කෑ ගැහුවොත් මම phone එක off කරලා දානව කියල. ( රටේ වැදගත් කිලා කියන ලීසින් company එකක Manager කෙනෙක් කියන කතාවක් මේ ) මමත් 2ක් අමතව්වා ඇත්තමට ආයෙත් call කරලා බලද්දි phone එක off ( responsibilities :D  )

ඊට පස්සේ දවසේ අයෙත් Kandy Branch එකට Call එකක් අරගෙන අහපුවම කිව්වා අපි check එකක් එවන්නම් Digana Branch එකට කියලා.  හැබැයි අද වෙනතුරුත් ඒ check එක නෑ.

දැන් කියන්නම් මෙයාලා කරන හොර වැඩේ ඉස්සරලාම මෙයාලා Vehicle එක ගන්න එන අයගෙන් Insurance එකට යවන Payment එක සෙට් වෙලා උස්සනවා ඒකරලා Ceylinco එකෙන් Temporary Insurance Card එකක් දෙනවා. vehicle එක Accident උනේ නැත්තන් දන්නේ නෑ කවදාවත් තමන් අව්රුද්දක් දුවලා තියෙන්නේ Dummy Insurance එකකින් කියලා.


කවදාවත් අලුතින් වෙහිකල් එකක් ගන්නවානම් ලීස් Company එකට Insurance Payment එක දෙන්න එපා.
තමන්ම ගිහින් Insurance එක දාන්න.

ඔයාලටත් මේ වගේ දෙයක් උනා නම් Colombo Call කරන්න. එහෙන් මොකක් හරි කරගන්න පුලුවන්.

තවත් දෙයක් කියන්න ඕනේ මම මේ ගැන Complain කරන්න Abans එකේ

Managing Director (  Kithsiri Wanigasekara  ) ට 10 පාරකට වඩා call කරා එයා අපි වගේ පොඩි අයගේ calls තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. ඔන්න අද අබාන්ස් එකට ගිහින් තියෙන කල . 




මුලු ලොවම කළඹමින් දෙවන පෘථිවිය සොයාගැනේ

Saturday, July 25, 2015

නාසා ආයතනය විසින් ස්ථාපනය කර ඇති කෙප්ලර් දුරේක්ෂය මගින් පෘථිවියට සමාන ලක්ෂණ සහිත ග්‍රහලෝකයක් සොයාගෙන තිබෙනවා. පෘථිවියට ආලෝක වර්ෂ 1400කට පමණ ඔබ්බෙන් මෙම ග්‍රහලෝකය පිහිටා ඇති බවයි  ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වු විද්‍යඥායන් පිරිස මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ. නාසා ආයතනයේ ප්‍රධානී John Jenkins පවසන්නේ මෙතෙක් ඔවුන්ට හමුවු එකම පෘථීවියට සමාන ලක්ෂණ හා සමීපතම ග්‍රහලෝකය මෙය බවයි. ඔවුන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ "Earth 2.0"  ලෙසයි.

 

Most Reading

Sidebar One